බණ්ඩාරවෙල
ඉඳන් ඇටම්පිටිය පාරෙ යනකොට දියවුන්නාවෙන් හැරිලා කන්දක් නගින්න තියෙනවා. ඒ කන්ද
නැගලා වංගු පාරවල් ඔස්සේ ඉදිරියට යනකොට ලස්සන ගමක් හමුවෙනවා. ඒ ගමේ නම ඇත්තලගෙදර.
වටේටම ලස්සන කඳුවැටි. ගම පුරා විහිදුනු කුඹුරු අමුතුම සුන්දරත්වයක් මවනවා.
මේ ගමේ තියෙන ඉස්කෝලෙ
තමයි ඇත්තලගෙදර තක්ෂිලා විද්‍යාලය. 2012-2013 අවුරුද්දේ ජාතික ඵලදායිතා තරඟයෙන්
ලංකාවෙ දෙවැනි තැනට පත්වුනේ මේ ඉස්කෝලෙ. දැන් මං කියන්න යන්නෙ ලස්සන කතාවක්.
හිතාගන්නවත් බැරි වේවි. ඒත් ආදර්ශයක්. ලොකු ආදර්ශයක් තියෙන නිසා කියවලම බලන්න.
දැන් අපිට
යන්න වෙනවා එක් දහස් නවසිය පනස් ගනන් හැට ගනන් වලට. එතකොට මේ ගම ඉතාම නොදියුණුයි
කියන එක පැහැදිලිනේ. ඒත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගැමිකම තිබුන අහිංසක
ජනතාවක් එහි ජීවත් වුනා. ගමට එන්නට හරි හමන් පාරක් තිබුනේ නෑ. ගමේ වත් අල්ලපු ගමේ
වත් ඉස්කෝලයක් නෑ. කොල්ලෝ කෙල්ලොන්ට ඉස්කෝලෙ යන්න කොහොම කට්ටක් තියෙන්න ඇතිද? ඉස්කෝලෙ යන්න නම් ගම් දෙකක් පහු කරලා වෑපස්සාවෙලට යන්න වෙනවා. ඔය අතරෙ ගමේ හිටපු සියාතු මාමා තමාගේ පුතා වෙච්චි බණ්ඩාර කොල්ලව ඉස්කෝලෙට යවනවා.
කොහොමෙන් කොහොම හරි සාස්තරේ ඉගෙන ගෙන, ගුරු විද්යාලෙටත් ගොහින් බණ්ඩාර කොල්ලා ඉස්කෝලෙ මහත්තයෙක් වෙනවා.
දියතලාව,
ඇත්තලපිටිය වාගේ නොයෙක් ප්‍රදේශවල ඉස්කෝල වල ගුරුවරයෙක් විදිහට සේවය සපයනවා. ඔන්න
ඔය අතරෙදි දිරිමත් මිනිසකු වෙච්චි බණ්ඩාර ඉස්කෝලෙ මහත්තයා හීනයක් හදා ගන්නවා.
මොකක්ද ඒ මගේ ගමට ඉස්කෝලයක්. මගේ ගමට පාරක්. ඇත්තටම ඉස්කෝලෙ මහත්තයෙකුට මෙහෙම
දෙයකට අතගහන්න පුලුවන්ද? ඒත් ඔහු වෙනස්. ගෙයින් ගෙට ගොස් ගැමියන්ට මෙහි වටිනාකම
කියලා දෙනවා. දැනුම් තේරුම් කමක් තිබුන පිරිසක් ඔහු වටා එකතු වෙනවා. ඉස්කෝලෙට
ගොඩනැගිල්ලක් ශ්‍රමදාන මගින් ඉදිවෙනවා. ඒත් කෝ අනුමැතිය. හැතැප්ම ගණන් පයින් ගොස්
අධ්‍යාපන බලධාරීන්, දේශපාලකයන් හමුවී එය සැබෑ කර ගන්නට ගත් වෙහෙස ගැන නම් ලියන්නට
පිටු සියයක් වත් යාවි. කොහොමින් කොහොමින් හරි ඉස්කෝලෙ පටන් ගත්තා කියමුකෝ. ආරම්භක
ලොකු මහත්තයා වෙන්නේ සිල්වා කියලා කෙනෙක්. බණ්ඩාර මහත්තයා ඒ කියන්නේ ගමේ කවුරුත්
කියන විදිහට “පඹේ” මහත්තයත් ඒ ඉස්කෝලෙම වැඩ කරනවා. ආරම්භක කාලයේ ගුරු වැටුප් පවා
ගෙවුනේ බණ්ඩාර මහත්තයාගේ පෞද්ගලික මුදලින් බව මට ලඟදි දවසක පන්සලේ ලොකු හාමුදුරුවෝ
කීවා. ගුරු ගීතයේ දුයිෂෙන්ගේත් ඇත්තලගෙදර ගමේ බණ්ඩා මහත්තයාගේත් තිබුණ අරමුණු
සමානයි නේද කියලත් වෙලාවකට හිතෙනවා.
දැන් කතාව
ටිකක් වෙනස් වෙනවා. ඔය කියන ඇත්තල ගෙදර තමයි මගේ ගම. පහේ පන්තියට එනකම් ඉගෙනගත්තෙ
තක්ෂිලාවේ. ඉස්කෝලෙ පන්ති තිබුනෙත් පහේ පන්තියට වෙනකම් විතරයි. මුළු ඉස්කෝලෙටම තිබුනේ එක ශාලාවයි. මං හෝඩියෙ පන්තියෙ ඉන්නකොට ගුරු
මණ්ඩලය පහයි. බණ්ඩාර මහත්තයා තමයි ලොකු පුටුවෙ හිටියේ. මං පහේ පන්තියට එනකොට ඉස්කෝලෙම ගුරු මණ්ඩලය හතර දෙනයි. උපසේන මහත්තයා
තමයි මුල් ගුරුතුමා. පල්ලෙ කුඹුරේ නෝනයි එතුමයි තමයි 3,4,5 පන්ති වලට ඉගැන්නුවේ.
අපේ අම්මා වෙච්චි අනුලා රත්නායක මහත්මිය තමයි හෝඩිය, 1 හා 2 පන්ති වලට ඉගැන්නුවේ.
මං හෝඩියේ
ඉද්දි ලොකු ඉස්කෝලෙ මහත්තයා වෙලා හිටියේ අර බණ්ඩා මහත්තයා. හරිම තේජාන්විතයි.
අඳින්නේ ජාතික ඇඳුම. පහේ පංතියට සිංහල උගන්වනවා මං බලන් හිටියා පොඩි එකා කාලේ
තාමත් මතකයි. ඒත් ඒ උත්තම පුරුෂයා මං හතරෙ පංතියෙ ඉඳිද්දි මේ ලෝකෙ හැරගියා. මං
ජීවිතේ වැඩිම දුක්වුන දවස එදා. ඒත් ඒ කාලෙ මං අඬන්න ලැජ්ජයි. ඇඬුවේ හැංගි හැංගි.
විශ්වාස කරන්න
බණ්ඩෙ මහත්තයා තමයි මගෙ අප්පොච්චි. මා අද යම් සාර්ථකත්වයක් ලබා තිබේ නම් එහි ප්‍රධාන
ආදර්ශය ඔහුම වේ. අපේ ගෙදර හැමෝම පුංචි කාලෙ ඉගෙන ගත්තේ තක්ෂිලාවේය. පස්වැන්නේ ශිෂ්‍යත්වය
සමත් වූ පසුව අපි බණ්ඩාරවෙල මහ විද්‍යාලෙට එනම් කිණිගම පාසලට ආවෙමු. අපේ ගමේ සිට බස් එන පාරකට ඒමට
පැයක් පමණ පයින් යා යුතුව තිබුනි. එසේ යායුතු වන්නේද අගලක් වැනි පාරකය. ඉදින් අපේ
අප්පච්චි කළ උතුම්ම මෙහෙවර වන්නේ බණ්ඩාරවෙල තන්තිරියෙන් කුඩා ඉඩමක් හා ගෙයක් ගෙන
අපව එහි නවතා තැබීමයි. ඉවුම් පිහුම් කටයුතු කරන ලද්දේ අක්කලා විසිනි. ඒ පාසල් යන
ගමන්මය. බණ්ඩාරවෙල මහ විදයාලයට පැමිණ අත්විඳි දෑ ඊළඟ ලිපියකින් ඉදිරිපත් කරමි. ඉස්කෝලෙ යන්නට මුලින්ම සපත්තු දැම්මේද මහ විද්‍යාෙලට ආ පසුවයි. සපත්තු දෙකක් අරන් දීමට අම්මාට අප්පච්චිට වත්කමක් තිබුනද ගමේ අනෙක් ළමයි හා සම මට්ටමේ අපව තැබීම ඔවුන්ගේ අරමුණ විය. මුල් වරට A, B, C, D ඉගෙන ගත්තේද මහ විදුහලට ආ පසුව වේ.
අප්පච්චි මේ
ලොව හැරයන්නේ අකාලයේය. ඒ ශිරෝෂිස් රෝගය නිසායි. පුදුමය නම් ඔහු මත්පැන්, දුම්වැටි
පාවිච්චි කර නැත. මත්පැන් නොබොන අයටත් ශිරෝෂිස් වැළඳෙන බව මේ ළඟකදි මම ලිපියකින්
කියවූයෙමි. එතෙක් මට ඉහත ප්‍රශ්ණය ප්රහේලිකාවක්ව තිබිනි. පුංචි කාලේ මාව උඩ
දමමින් ඔහු මාව සුරතල් කළ අයුරු මතක තිබේ. මා හොඳට ඉගෙන ගන්නා බවත්, රට රට වල යන
බවත් කේන්දරයේ ඇති බව ඔහු කීවා මතකය. මගේ කේන්දරයත් අයියාගේ කේන්දරයත් මාරු වුනා
දැයි අද මට සිතේ. ගම හරහා පාරක් ඉදිකිරීමට කටයුතු කරන විට අප්පච්චිට නොයෙක් දෙනා
නොයෙක් හිරිහැර කළ බව මට මතකය. එය ඇතැම් නූගත් ගැමියන් දැක්කේ අප නිවසට පාරක්
හදාගන්නා උත්සාහයක් ලෙසයි. අප්පච්චිගේ ලොකුම විරුද්ධකාරයා වූයේ ගමේ සිටිය
මන්තරකාරයෙක් බව යන්තම් මතකයි.
අප පවුලේ
කිසිවකු අද ගම්මානයේ නැත. නමුත් අද ඒ පාර ඉදිවී ඇත. ගම හරහා කාපට් පාරක් ඇත.
අප්පච්චි මා හතරේ පංතියේ ඉඳිද්දී ඔබ මාව අතහැර ගියේය. පරාර්ථකාමීත්වය, ඉගෙනීමේ
අගය, පවුලේ සමගිය යන දේවල වටිනාකම කියා දුන්නේ නුඹය. ඒ හැරුනු කොට අන් අයකු සිටී
නම් ඒ අම්මාය. මගේ ජීවිතයේ හිරු හා සඳු වන්නේ ඔබ දෙපලමය. ගමේ පාසලට තක්ෂිලා යන නම
යෙදුවේද ඔබමය. ඒ පාසලෙන් ඉංජිනේරුවන්, කථිකාචාර්යවරුන්, ගුරුවරුන්, අධ්‍යාපන ක්ෂේත්රයේ
ප්‍රමුඛයන් රැසක් දායාද වී ඇත. ඔබ දුටු හීනය හැබෑ වෙමින් ඇත. විදුහලේ නිර්මාතෘවරයා නමින් ඔබගේ ඡායාරූපයක් විදුහලේ තබා තිබුනු දුටුවෙමු. අපි ඒ දෙස බලා සිටියේ ඉමහත් අභිමානයෙනි.
පසු සටහන-
සෑම අවුරුද්දකම එක් දිනක් අප පවුලේ සියලු දෙනා කක්ෂිලා විදුහල බලන්න යනවා.
ඉස්කෝලේ හැම ළමයටම පෑන්, පොත්, පැන්සල් සපත්තු මේස් ගෙනියනවා. ඉස්කෝලෙට භෞතික
සම්පත් දෙන්නත් උදව් කරනවා. ඉස්කෝලෙට මුලින්ම පරිගණකය හා මුද්‍රණ යන්ත්‍රයක් ලබා
දුන්නෙත් අක්කලා, අයියලා, මල්ලිලා එකතුවෙලා. ගිය අවුරුද්දේ මල්ටි මීඩියා ප්‍රොජෙක්ටරයක්
අරන් දුන්නා. ඉස්කෝලෙට යන දවස හරිම ලස්සනයි. දැනුත් හොඳම කැපවීමෙන් උගන්වන ගුරු
මඩුල්ලක් එහි ඉන්නවා. ඉස්කෝලෙ දියුණු කරන්න දැන් ඉන්න විදුහල්පතිතුමා වන ප්‍රසාද්
මහතාත්, හිටපු විදුහල්පතිතුමා වන එස්.එම්. කරුණාරත්න මහතාත් ලොකු දායකත්වයක්
දෙනවා. ගමේ කෑම ටිකක් කන්නත් එක්ක අපේ ළමයිනුත් එක්ක ලබන අවුරුද්දෙත් අපි ගමට
යනවා.
මාත් ඔහේ
ReplyDeleteGot the information from both Kavindu and Sranga.. welcome to sinhala blogging. Keep up the writings.
ReplyDeleteThanks
DeleteI hope to write more
රබා 1988 /89 කාලේ මම නිතරම ආගිය thank තමයි අත්තලගෙදර. ඔය උපසේන මහත්තයාගේ පොඩි පුතා මගේ හොඳ යාළුවෙක්. ඒ කලබල කාලේ මනුස්සයා එයාගේ බාප්පාගේ පුතා එක්ක අත්තලගෙදර ඉඳලා අපේ ගමට පයින් ම ඇවිත් තිබුනා (කී. මි 10ක්ට වත් ඇති ) දෙන්න මීමැසි පෙට්ටියක් අරගෙන. අපේ ගෙදර මුලින්ම මි මැසි ජනපදයක් හැදුනේ ඒ පෙට්ටියේ
ReplyDeleteඅපි මේ වතාවේ ඉස්කෝලෙට ගියපු දවසෙත් උපසේන මහත්තයා ඉස්කෝලෙට ආවා. ඒ වෙලාව හරිම හැගුම්බර වුනා. නයනකාන්ත එකල මගේ හොදම මිතුරෙක්.
Deleteමම 91-92 දෙකෙන් පස්සේ නයනකාන්තව දැක්කේ නෑ . ඒ දවස් වල මිනිහා හමුදාවේ නර්ස් කෙනෙක්.. උතුරේ යුද්ධයෙන් යන්තම් පණ බේරාගෙන තිබුනා එයාලා හිටපු කැම්ප් එකට ගහලා... ඔය මීමැසි පෙට්ටි සීන් එක හරි ජොලි වැඩක්. මම එයා මීමැසි පෙට්ටි හදන බව දන්නවා . සමන් අය්යාගේ පන්තියේදී මම එකක් ඉල්ලලා තිබුනා. එත් කලබල කාලේ බස් නැතුව තිබෙද්දී , හමුදාවට බයේ නිකන් එන්නේ නැතිව මීමැසි පෙට්ටියක් අරන් ඇවිත් තිබුනා අපේ ගෙදර එද්දී ( ඒ කාලේ ඉස්කෝල වහලා තිබුණේ මම හිතන්නේ )
Deleteනයන්කාන්තට ඊයේ කතා කළා. මොබයිල් අංකය හොයලා දුන්නට ස්තුතියි.. එයා දැන් හමුදා සේවයෙන් විශ්‍රාම අරන් කන්දකැටිය රෝහලේ හෙද සේවයේ යෙදෙනවා . අනෙකුත් හමුදාවේ සේවය කල අයට ආදර්ශයක්.. ඔය දේශපාලකයින් ළඟ තගරි වැඩ කරන අයට එහෙම... ඊළඟ පාර ලංකාවේ ආවහම මුණගැහෙන්න ඕනේ..
Deleteබොහොම සුන්දර ලිවීමක්... දිගටම ලියන්න..
ReplyDeleteසුපැතුම්... හදවතින්...
කේලම කිව්වේ කවිඳු... බොරු නේ කේලම් කියන එක පව් කියන්නේ...
ස්තුතියි මාතලන්.. කේලම නරකම නෑ නේද ? ඔබ දේශපාලන සහ කාලින මාතෘකා වලට අමතරව මේවගේ පොස්ට් කියවනවා කියන එක අහන්න සතුටට කාරණයක්.. මේ පොස්ට් වල අපේ සමාජයට දෙන වැදගත් පණිවිඩ තියෙනවා කියලා මට හිතෙනවා . අපි හැමෝම මේවා කියවලා යමක් එකතු කර ගන්න එක වටිනවා නේද ?
Deleteඑක හුස්මට කියෙව්ව. මගේ පුන්චි කලෙට අයෙත් ගියා වගෙ. අපි ගොඩක් අයගෙ අතීත මතකයන් ගොඩක් දුරට මෙ වගේ ඇති. නම් ගම් විතරක් වෙනස් වෙච්චි. ඒත් උඹෙ තියෙන අපි උඹට හැමදාම ගරු කරන විශේෂත්වය මචො.. උඹ ඒ අප්පචිගෙ අඩිපාරෙම යන මිනිහෙක් වෙච්ච එක. දිගටම ලියපන්. ඉලඟ එක කියවන්න ආසාවෙන් බලාගෙන ඉන්නෙ.
ReplyDeleteස්තුතියි
Deleteඅපි ඔක්කොම එකම අත්දැකීම් ලබපු අය.
ඔයාටත් පුලුවනි අත්දැකීම් ලියන්න.
ස්තුතියි maathalan
ReplyDeleteA great man.
ReplyDeleteIndeed
Deletesir vage kenek gen igena ganda labima loku sathutak ...
ReplyDeleteMy mother has told me these things when she got to know you are my teacher..She is a teacher at that school when your father's time...She knows well about your father's hospitality sir..
ReplyDeleteThank you shyama for your response
DeleteI have heard about your mother.
රසවත්ව ලියන්න පුලුවන් ඔහේට
ReplyDeleteස්තුතියි.
Deleteඅද මයි මේ පැත්තෙ ආවෙ. අපේ ගම් පලාතෙම තවත් බ්ලොග් කරුවෙකු අඳුනාගන්න ලැබීම සතුටක්.
ReplyDeleteදිගටම ලියන්න කාලවේලාව ලැබේවා..!!